වර්ෂ 2021 ක්වූ January 25 වැනිදා Monday
එක වගේමයි

ආ. . . කැලුම් අයියා . . . ඔයාගේ මල්ලිව හමු වුණා.
ගී ලොවේ මිතුරෙකු කැලුම් ශ්රීමාල්ට කියනවා ඇහුණා. නිවේදනයෙන් මෙන්ම ගීත රචනයෙන් නමක් දිනූ ඔහුට මෙය කුතුහලයක් ගෙනෙන ප්රශ්නයක් වුණා.
මල්ලි කෙනෙක්? මගේ . . .
ඔව් ඔව්. එයත් ඔයා වගේම සින්දු ලියන හාදයෙක්.
එහෙම ඇහුණම කැලුම්ට හිනා පහළ වුණේ නිරායාසයෙන්. කවුද මේ කැලුම්ගේ සහෝදරය වගේ කෙනා. එයත් කැලුම් වගේමයි. ඒ විතරක්යැ කැලුම් වගේම ගීතත් ලියනවා. මේ තරුණයා සම්පත් ප්රනාන්දුපුල්ලේ. සඳලුතලේ (නලින් පෙරේරා) හිත වාවන්නේම නෑ (භාතිය - සන්තුෂ්) දිව්යංගනාවි (ප්රසංග තිසේරා) මට හීනයක් වගේ (දමිත් අසංක) ස්විටි (ඉරාජ්) ආදී වශයෙන් සම්පත් ලියූ ජනප්රිය ගීත රැසක්ම තියෙනවා. මේ ගීත රචකයාගේ ස්වරූපයත් අර ගීත රචකයාගේ වගේමයි. රැවුලත් එහෙමයි කොණ්ඩෙත් එහෙමයි. සම්පත් කැලුම්ගේ උපන් දිනයටත් මුහුණු පොත මඟින් සුබපැතුමක් එක් කොට තිබුණේ දෙදෙනාගේ එක ස්වරූපය ගැන කතාවක් ද එක් කරමින්.