වර්ෂ 2021 ක්වූ February 28 වැනිදා Sunday
වුණේ මොකක්ද?

නීල පබළු නාට්‍යයේ ප්‍රධාන නළු සුමිරාන් ගුණසේකර ඔට්ටුවක් ඇල්ලුවා. ඔට්ටුවක් කිව්වේ ඒක ක්‍රිකට් ඔට්ටුවක්. ඔහු මිතුරන්ට පවසා සිටියේ අහවල් කණ්ඩායම ලෝක කුසලානයේ ෆයිනල් නාවොත් තමන් හිස බූ ගානවා කියලා. වැඩේ කියන්නේ සුමිරාන් කියපු කණ්ඩායම දින්නෙ නැහැ. පැරදුණා. හැබැයි ඔහු කිව්ව විදිහට වැඩේ කළා. වචනෙ නම් වචනෙනෙ. මෙන්න ඊළඟට මිතුරන් අතරේ හුවමාරු වෙනවා සුමිරාන් කොණ්ඩෙ කපපු පින්තුරයක්.
අප්පට සිරි මෙයා ඇත්තටම කොණ්ඩෙ කපලා.
මිතුරෝ එහෙම කියලා තියෙන්නේ පින්තූරේ බලන ගමන්. හැබැයි පහුවෙනිදා ඔහු සුපුරුදු පරිදි කොණ්ඩෙත් එක්ක හිටියා වගේම නීල පබලු ෂූටිං ගියාලු. කොහොමද එහෙම වුණේ උත්තරේ දෙන්නේ සුමිරාන්ම පමණයි. ඔබටත් පුළුවන් ඔහු කළ දේ ගැන අනුමාන කරන්න.