නිසල ගං තීරේ ගෙන එන

අගෝස්තු 8, 2019

නිහාල් සිරිවර්ධන සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නේ, ගායනය සිය දිවියේ විනෝදාංශය කර ගනිමින්. ඔහු මේ වන විට සිය කුලුඳුල් ගීත එකතුව නිසල ගං තීරේ නමින් එළිදක්වා අවසන්. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හිදී එළිදක්වන ලද එහි ගීත 14ක් ඇතුළත් කර ඇත. නවරත්න ගමගේ, සරත් ද අල්විස්, ප්‍රියන්ත නාවලගේ, සංගීත් විජේසූරිය සංගීතවත් කළ එම ගීත තුංකම පඤ්ඤාලංකාර හිමි, සුනිල් සරත් පෙරේරා, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, ග්‍රේෂන් නවරත්න සහ ෂොහාන් ගලහිටියාව විසින් රචිත ගීතයන්. සමිතා මුදුන්කොටුව, නෙලූ අධිකාරි සහ සශිකා නිසංසලා සමඟින් ගායනා කරන යුග ගී ත්‍රිත්වයක් ද මෙම ගී අතරට ඇතුළත්.සහජයෙන් ලද හැකියාවන් පාසල් කාලයෙන් පසු සංගීත කණ්ඩායමකට සම්බන්ධව ගීත ගායනයට දායක වූ නිහාල් තිස්වසරකට පෙරදී මෙරට හැරදා ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගිය ද ඔහුගේ ජීවිතයේ සංගීතයට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයක්. ලංකාවට පැමිණෙන අවස්ථාවලදී ගීත නිර්මාණ සඳහා දායක වෙමින් කළ මෙම ගීත එකතුවට අමතරව ඔහු විසින් ගායනා කරන අලුත් ගීත ත්‍රිත්වයක් එළිදැක්වීමට නියමිතය. විශාරද නීලා වික්‍රමසිංහ, ආයෝමි පෙරේරා සහ උපේක්ෂා නිර්මාණි එම ගීත වෙනුවෙන් යුග ගායනයෙන් දායක වී සිටීනි.

 

 

Add new comment