වටිනා තෑග්ග

අගෝස්තු 8, 2019

සංගීත් වික්‍රමසිංහ කියන්නේ කණ්ඩායම් සංගීත කලාව ඇතුළේ වැඩ කිඩ පෙන්නපු කෙනෙක්. සඳ මුවාවෙලා, සරායා වැනි ලස්සන ගීත රැසක් ද ඔහු ගැයුවා. ඒ වගේම තනු නිර්මාපකයකු හැටියට සුමධුර තනු සංගීත් නිර්මාණය කළේ මුදල් හදල්වත් බලන්නේ නැතුව. සංගීත් ගාව තිබුණා විදුලි ඕගනයක්. ඒක අනාදිමත් කාලයක පටන් සංගීත්ගේ දෑඟිලිවලින් ස්පර්ෂ කරපු එකක්. ඔබ ඇපල් මලක් වාගේ, සඳ රෑට රෑට ඇතුළු ජනප්‍රිය ගීත රැසක සංගීතය නිම කළේ එම ඕගනය භාවිත කරමින්. ඉකුත්දා පැවති සංගීත්ගේ උපන් දිනය දා එම ඕගනය සංගීත් විශ්‍රාම යැව්වා. ඒක එහෙම සුරක්ෂිතව අරන් තිබ්බේ තම ආදරණිය පුතු සනුක සංගීත්ට පිරිනැමූ අති නවීන විදුලි ඕගනය නිසයි. සංගීත් මෙලෙස පුතුගෙන් ලද ත්‍යාගය නිසා මහත් වූ උද්දාමයට පත්ව සිටියා කියලයි ආරචිය. සංගීත්ටත් වඩා දැන් ජනප්‍රිය සනුක කියලා ඔහු කියනවා. සමහරු දැන් සංගීත්ව හඳුන්වන්නේ සනුකගේ තාත්තා කියලයි.