කළ ගුණ

අගෝස්තු 8, 2019

තැනකට ආපුවාම නැංග ඉනිමඟට පයින් ගසන අය තමයි වැඩියෙන් මේ ක්ෂේත්‍රයේ ඉන්නේ. සමහරුන්ට මතක නැහැ තමන්ගේ මුල. එහෙම අයට පැවැත්මක් නැහැ. මේ අය අතරේ අපි දුටු වෙනස් අයකු ගැන ලියන්නට හිතුණා. ඔහුගේ නම සිම්සන් තුසිත්. ඔහු ගායකයකු මෙන්ම සංගීත අධ්‍යක්ෂවරයකු හැටියට නිර්මාණවලට දායක වෙනවා. මේ සිම්සන් තමයි ඉකුත් දා නිමාව දුටු ජනාධිපති සිනමා සම්මාන උලෙළේ 2017 වර්ෂයේ හොඳම ගයනයට හිමි සම්මානය දිනා ගන්නේ. කාල චිත්‍රපටයේ ගැයූ සියොවැ ආමි ඔහු මෙලෙස සම්මානනීය වූ ගීතයයි. සම්මානය දිනා ගත්තායින් පසුව සිම්සන් මුහුණුපොතට එක්තරා සටහනක් යොමු කරලා තිබුණා. ඉන් ඔහු නම් වශයෙන් සඳහන් කරලා තිබුණා මෙතෙක් තමන්ට ශිල්පය ඉගැන් වූ ගුරුවරුන්ව. ඒ වගේම ගායනයට සහාය දුන් සියල්ලන්ට ද තුති පුදලා තිබුණා. ඒ සටහන ඉතාම ඉහළින් අගය කරලා තිබුණා ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පවා.

Add new comment