දයා විමලවිර අභාවප්‍රාප්තවේ

අගෝස්තු 12, 2019

සිංහල සිනමාවේ බිහිවු විශිෂ්ට කැමරා අධ්‍යක්ෂවරයකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන දයා විමලවිර අද දින(12) අභාවප්‍රාප්තවිය.

පුරෝගාමි සිනමා වේදියකු වන සිරිසේන විමලවිරගේ පුත්‍රයකුවු දයා විමලවිර පටාචාරා,සිකුරුලියා,ඇතුළු චිත්‍රපට රාශියක කැමරා අධ්‍යක්ෂවරයා විය.

විදුරු ගෙවල් චිත්‍රපටයෙන් චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙන ඔහු මිහිදුම් සිහින,මේජර් සර්,මධු සිහින,බඹසර බිසවි,සිතල ගිනිකඳු,සුජාතා(නව)චිත්‍රපට නිර්මාණය කළේය.

මියයන විට ඔහු අසු එක්වැනි වියෙහි පසු විය.ඔහුගේ අවසන් කටයුතු ඉදිරියෙදි දැනුම් දෙනු ලැබේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.