චිත්‍රපට නිෂ්පාදනයට තිකෝ එයි

අගෝස්තු 15, 2019

චිත්‍රපට නිෂ්පාදනයට පිවිසීමට නියමිත තිකෝ ෆිල්ම් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ කාර්යාලය ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ 26 වැනි මහලේ දි පසුගිය දින විවෘත කරන ලදී. ඒ සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප්‍රනාන්දු මහතා අතිනි. එයට සමගාමිව  "www.thicofilms.lk"  නිල වෙබ් අඩවිය චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී ප්‍රනාන්දු අතින් අන්තර්ජාලයට මුදාහැරීම සිදුවිය.

මේ අවස්ථාව සඳහා තිකෝ පිල්ම් ප්‍රයිවට් ලිමිටඩ් සභාපතිනි තිළිණි ප්‍රියමාලි, කළමනාකාර අධ්‍යක්ෂ ඉසුරු බණ්ඩාර, ප්‍රවීණ රංගන ශිල්පී ජීවන් කුමාරතුංග, රංගන ශිල්පිණි සංගීතා වීරරත්න, මැලේසියාවේ මාපැක් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ මති ඇලගන් පද්මනාදන්, මනෝ චිකිත්සක උපදේශිකා නාලිකා මොහොට්ටි විජේරත්න ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගි වූහ. මෙහි නවතම සිනමා නිර්මාණයේ මුහුරත් උලෙළ එලඹෙන 24 වන දින පැවත්වීමට කටයුතු යොදා ඇත.

 

Add new comment