සම්මාන යුගල යුවළට

අගෝස්තු 15, 2019

ඉකුත් දිනයකදී පැවැත් වූ සම්මාන උලෙළකදී ප්‍රධානම සම්මාන යුවළක් හිමි කර ගැනීමට මෝනටයි මහත්තයාටයි පුළුවන් වුණා. නෝනා හොඳම නිළිය ලෙසටත් මහත්තයා හොඳම නළුවා ලෙසටත් තමයි සම්මාන ලැබුවේ. හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් එහෙම හොඳම නළුවයි නිළියයි වීම ඉතිහාස ගතවන වැඩක්. අනික එකම සම්මාන උලෙළකදී. මෙහෙම සම්මානිත වුණු නෝනයි මහත්තයයි තමා තුමිඳු දොඩම්තැන්න සහ කලණි දොඩම්තැන්න. තුමිඳු හොඳම නළුවා වුණේ කූඹියෝ ටෙලි නාට්‍යයේ රංගනය වෙනුවෙන්. සහෝදරයා නාට්‍යයේ කළ රංගනය උදෙසායි කලණි සම්මාන ලැබුවේ. මේ දෙදෙනාම සම්මානයට පාත්‍ර වුණේ සිග්නීස් උත්තමාචාර උලෙළේදීයි.

Add new comment