ඒ මම නෙවෙයි

අගෝස්තු 15, 2019

ආචාර්ය කෝලිත භානු දිසානායක කියන්නේ සංගීත ක්ෂේත්‍රයේ නමක් තැබූ කලා ශිල්පියෙක්. ඒ වගේම ඔහු දක්ෂ ගුරුවරයකු ද වෙනවා. කෝලිත යම් කාරණයක් නිසා පොඩි අපහසුතාවයකට ලක් වෙලා ඉන්නේ. මේකයි සිදුවීම. අපේ කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුට ෆේස් බුක් ගිණුමක් තිබෙනවා. ඒක අත්‍යවශ්‍ය කාරණයක් නොවන නිසා කෝලිත ඇතුළු අතළොස්සකට ෆේස්බුක් ගිණුමක් නැහැ. නමුත් කෝලිතගේ නමින් ෆේස් බුක් ගිණුමක් තිබෙනවා. හැබැයි ඒක පාවිච්චි කරන්නේ කෝලිත නෙවෙයිලු. කෝලිතගේ නම භාවිත කරමින් කිසියම් වූ නොදන්නා පුද්ගලයකු විසිනුයි ගිණුම පවත්වාගෙන යන්නේ. කෝලිත යැයි රැවටී එම ගිණුම හා කිසිදු ගනුදෙනුවක් නොකරන මෙන් කෝලිත ඉල්ලා සිටිනවා. ඉදිරියේදී මේ නාඳුනන තැනැත්තාට නීතිය ක්‍රියාත්මක කරන්නටත් කෝලිත බලාපොරොත්තු වෙනවා.

Add new comment