වර්ෂ 2021 ක්වූ January 21 වැනිදා Thursday
උපාලිගේ විශේෂාංගාලංකාරය 27 දා
අගෝස්තු 22, 2019

ලේක්හවුස් ආයතනයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි සමරසිංහගේ නවතම කෘතිය විශේෂාංගාලංකාරය මෙම මස 27 වැනිදා සවස ගල්කිස්ස ධර්මපාලාරාම විහාර ශාලාවේදී ජනගත කෙරේ. අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහ නායක අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහ නායක හිමිපාණෝ මෙදින මුලසුන හොබවති. මහාචාර්ය ජේ. බී. දිසානායක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත්, සම්මානනීය කලාකරු ජැක්සන් ඇන්තනි මෙහි ප්‍රධාන දෙසුම් පවත්වති. වසන්ත ජයසිංහආරච්චි උත්සවයේ පූරක වශයෙන් කටයුතු කරයි.