එරන්දතී වතුතන්තිරිගේ කලායතනයේ කලඑළි මංගල්‍යය දා

අගෝස්තු 22, 2019

 

එරන්දතී වතුතන්තිරිගේ කලායතනයේ නර්තනය හැදැරූ ශිෂ්‍යයාවෝ තිස් හය දෙනෙක් පසුගියදා සිය කලඑළි මංගල්‍යය පැවැත්වූහ. විශාරද එරන්දතී වතුතන්තිරිගේ වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ නර්තන ආචාර්යවරිය වෙන අතර, ඇයගෙන් වසර ගණනාවක් පුරා නර්තනය හැදැරූ ශිෂ්‍යාවෝ මෙලෙස සිය නර්තන කලාවේ ඉදිරි පියවර තැබූහ.

මාරවිල, මූදුකටුව සොයිසාරාමයේදී පැවැත්වූ මේ කලා මංගල්‍යයට මූදුකටුව සොයිසාරාම විහාරාධිපති, ශාස්ත්‍රපති, මූදුකටුවේ සාසනසිරි හිමි, හලාවත රදගුරු දේව ධර්මාචාර්ය වැලන්ස් මෙන්ඩිස් හිමිපාණෝ, හලාවත පදවි ජනසන්නිවේදන හා සංස්කෘතික අධ්‍යක්ෂ ෆ්‍රෑන්ක් තිසේරා පියතුමා, මහාචාර්ය ධනපාල ඕවිටගෙදර, ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී සුනිලා රූපස්සර, ගායන ශිල්පී කසුන් කල්හාර ඇතුළු සම්භාවනීය අමුත්තෝ පිරිසක් සහභාගි වූහ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.