එහෙත් මෙහෙමද

අගෝස්තු 22, 2019

චිත්‍රපට අධ්‍යක්ෂ එරංග සේනාරත්නගේ නවතම සිනමාපටය නිලු මං ආදරෙයි. එහි විශේෂ දර්ශනයක් ඉකුත් දා බොරැල්ල ලිඩෝ සිනමා ශාලාවේදී පැවැත් වුණේ කලා ලොවේ සහෘදයන් පිරවරාගෙනයි. නිලූ මං ආදරෙයි සිනමාපටයේ ප්‍රධාන චරිත රඟපාන්නේ සුරේෂ් ගමගේ සහ නිලුෂි පවන්යා. ඔවුන් දෙදෙනාගේ ආදර ජවනිකා රැගත් සිංදු කිහිපයක්ම මෙහි අන්තර්ගතයි. චිත්‍රපටය නරඹන අතරේ එක්තරා ගීතයකට වැඩි අවධානයක් යොමු වුණා. නළු නිළි යුවළ රඟපානවා නවසීලන්තයේ දර්ශන තලවල. චිත්‍රපටය නරඹපු අයගෙන් වැඩි දෙනෙකු හිතාගෙන ඉඳලා තියෙන්නේ ඒ දර්ශන ටික රූපගත කරලා තියෙන්නේ ට්පඥඥද ඉජපඥඥද ක්‍රමයට කියලා. ඒකෙදි වෙන්නේ කොළ පැහැ තිරයක් ඉදිරියේ නළු නිළියන් යොදා රූපගත කොට පසුබිමට දර්ශන තලයක් එක් කරනවා. සංස්කරණයේදී මේ සිංදුවත් එහෙම කළා කියලා තමයි බොහෝ අය හිතුවේ. මොකද නවසීලන්තය වගේ රටක චිත්‍රපටයක් රූපගත කරනවා කියන්නේ ඒක වෙනම වියදම් යන වැඩක්නෙ. දර්ශනය අවසානයේදී එරංගගෙන් ඇහැව්වලු ට්පඥඥද ඉජපඥඥද සීන් ටික එඩිට් කළේ කොහෙද කියලා. ඇත්තටම එහෙම දෙයක් වෙලා නැහැ. ඒ සිංදුව ෂූට් කරලා තියෙන්නේ නවසීලන්තයේම තමයි. එරංග එහෙම කිව්වට සමහරු විශ්වාස කළෙත් නැහැලු.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.