තුන්පොත් රෑන

අගෝස්තු 29, 2019

තුන්පත් රෑන ගැන ඔබ අසා ඇති. තුන්පොත් රෑන ගැන අසා තිබෙනවාද? ඒකත් තුන්පත් රෑන වගේම තමයි. සමානකමක් තියෙනවා. ඇතු, ඇතින්න සහ ඇත් පැටවාට තමයි තුන්පත් රෑන කියන්නේ. ඒක පුංචි පවුලක්. තුන් පොත් රෑනත් එහෙමයි. ඒකත් පවුලේ කතාවක්. රංගන ශිල්පිනී තෙසාරා ජයවර්ධන ඉන්නවා නේද. ඇය නිවේදිකාවක විදිහටත් ප්‍රසිද්ධයිනෙ. ඇය ග්‍රන්ථකරණයේද යෙදෙනවා. ඇගේ නවතම කෘතිය කළු සමනල්ලු. ඒක එළි දැක්වෙනවා සැප්තැම්බර් පළමුවැනි ඉරිදා සවස මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන උත්සවයකදී. තෙසාරා කළු සමනල්ලු ලියද්දී ඇගේ මව පද්මා ජයන්ති ජයවර්ධන ලියනවා ‘අපිදු යාත්‍රා කළෙමු’ නමැති කෘතියක්. එයාලට පුළුවන් නම් මට බැරි මොකෝ කියලා තෙසාරාගේ පියා වී. පී. ඒ. ජයවර්ධන ලියනවා‘නවසීලන්තයේදී සිදු වුණ දේ සහ සිහි වුණදේ’ කියන කෘතිය. දැන් පොත් තුනයි. ලියලා තියෙන්නේ පියා, මව සහ දියණිය. මේ පොත් තුනම එළිදකින උත්සවයට නමක් තියන්න හිතුවා. තුන්පත් රෑන මතක් වුණා. තුන් පොත් රෑන කියලා නම තිබ්බා. මෙන්න මේකයි තුන් පොත් රෑන. ඉතිහාසයේ පළමු වතාවට වෙන්න ඇති මේ අන්දමින් එකම පවුලේ මව, පියා සහ දියණිය ග්‍රන්ථ තුනක් ලියලා එකවර එළිදක්වපු.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.