කුමරු ඡත්ත මානවක වැඩ අරඹයි

සැප්තැම්බර් 12, 2019

යෝවදතං පවරෝ මනුජේසු ගාථාවේ නිදාන කතාව අන්තර්ගත වූ කුමරු ඡත්ත මානවක බෞද්ධ සිනමාපටයේ රූපගත කිරීම් ඉකුත් දා ආරම්භ කෙරිණ. එය ක්‍රිෂාන්ත වීරමන්ගේ අධ්‍යක්ෂණයකි. අමරසිරි කලංසුරිය කලකට පසු සිනමාවේ චරිතයක් මවන මෙහි ශිරාණි නුගේරා, සුමිත් මුදන්නායක, හෂාන් රත්නායක, සමන් සුජීව, ප්‍රියංක ගුණසේකර, ලාල් හපුආරච්චි, ගායනා ප්‍රියාෂ්වරී, ප්‍රියන්ත වීරසිංහ සෙසු චරිත නිරූපණය කරති. ගවේෂ් හසරංග පෙරේරා, ගුවනි අභිමන්සා, සුනෙර සහන් නිල්මිත, තෙවිඳු බිම්සර, නිහාරා සත්සරණි, නෙතුලි සෙහන්සා ජයතිලක, අරූෂා සේනානායක ළමා නළු නිළියෝය.

සුජිත් නිශාන්ත කැමරා අධ්‍යක්ෂවරයාය. සමන් සුජීවගේ කලා අධ්‍යක්ෂණයකි. ශාන් අල්විස් සංස්කරණයෙන් එක් වෙයි. දර්ශනි පෙරේරා සහාය අධ්‍යක්ෂවරියයි. සමීර සුභසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන් දායක විය. විධායක නිෂ්පාදනයෙන් ප්‍රියංක ගුණසේකර නිෂ්පාදන සහායෙන් කෝරලගේ උපතිස්ස මෙම සිනමාපටයට එක් වූහ. සත්සර ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමක් ලෙස කුමරු ඡත්ත මානවක සිනමාපටය එළිදකියි.

 

 

Add new comment