ඒ කාපු කට්ටම තමයි

සැප්තැම්බර් 12, 2019

නව පරපුරේ රංගන ශිල්පී අංජන ප්‍රේමරත්න දැන් බොහෝ නිර්මාණවල දකින්නට ලැබෙනවා. දක්ෂ නළුවකු වගේම හඬ කැවීම් ශිල්පියකු වශයෙනුත් ඔහු කටයුතු කරනවා. මේ ළඟදී අංජනට වෙනස්ම චරිතයක් ලැබිලා. චරිතය වෙනස් වුණාට කරන්න තියෙන්නේ වෙනස් දෙයක් නම් නෙවෙයි. අංජන නාට්‍යයක් ඇතුළේ නළුවෙකු වෙලා. එහෙම කිව්වම ඔබ බලයි මේ මොකක්ද කියලා. අංජනට රඟපාන්න ලැබිලා නළුවකුගේ චරිතයක්. ඒ ටෙලි නාට්‍යයක. මේ නළුවා රංගනය පමණක් වෘත්තීය වශයෙන් කරන කෙනෙක්. ඔහු ජීවත්වීමට මහත් වූ අරගලයක නියැළෙනවා. හරියට කාලයක් අංජන වගේලු. වෘත්තීය ජීවිතය තුළ කාපු කට්ට මේ චරිතයේ තියෙනවා කියලයි අංජන කියන්නෙ.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.