හිතපු නැති ප්‍රතිචාර

සැප්තැම්බර් 12, 2019

මෙල්රෝයි ධර්මරත්න කියන්නෙ කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවරක් කළ චරිතයක්. ඉතා ජනප්‍රිය ධර්මරත්න බ්‍රදර්ස්ලගෙ බාලයා තමයි මේ මෙල්රෝයි. ඔහු අතින් නිම වූ ගීත ප්‍රමාණය ද අති විශාලයි. දුරකතනයකින්, ඔබ නිදන්න, ගංගාවයි මහ මුහුදයි, මලින් පිරී ගිය, ආයුබෝවන් ආයුබෝවන් (පද) වැනි ජෝති ගැයූ ගීතයන්හි සංගීතය ඔහුගේ. මේ මැයි ගහ යට, සුළං රැල්ල, එගොඩ ගොඩේ මල් නෙළනා, සකල බුජං, කොන්ද නමාගෙන මේ වගේ ගීතයන් ඇතුළු ජනප්‍රිය ගීත රැසක් ඔහු නිර්මාණය කරලා තියෙනවා. මේ වගේ නිර්මාණකරුවකුගෙන් ගීතයක් නිර්මාණය කරවා ගැනීම එක්තරා අන්දමකින් වාසනාවක්. කාලයක් ගායනයේ යෙදෙන සංඛලි කාරියවසම් ද එවන් වූ අයෙක්. ඇය පද රචනයටත් දක්ෂයි. මාල හතක් නමැති ගීයක් ඇගේ පද රචනයෙන් සහ ගායනයෙන් යුතුව ඉකුත් දා එළිදැක් වූවා. එහි සංගීතය නිර්මාණය කළේ මෙල්රෝයි. ඒ සින්දුව මෙල්රෝයිවත් හිතපු නැති ප්‍රමාණයක් මූණුපොත හරහා රස විඳලා. මෙල්රෝයිගෙ පෙර ගී නිර්මාණවලට ආස පිරිසක් ද ඒ ගොඩෙහි සිටිනවා. මෙල්රෝයිගෙ ගීතය නිසා සංඛලිත් ජනප්‍රිය වෙලා. මෙල්රෝයි මේ ප්‍රථම වතාවට තමයි අන්තර්ජාලය හරහා නව නිර්මාණයකින් මෙතරම් ප්‍රතිචාර ප්‍රමාණයක් ලබලා තියෙන්නෙ.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.