වර්ෂ 2019 ක්වූ December 14 වැනිදා Saturday
එන්න බලන්න
සැප්තැම්බර් 12, 2019

ඔබේ ආදරණීය කුමාරි පෙරේරාගේ අපූරු ප්රසංගයක් අද (12 වැනිදා) සවස 2 ට පිටකොටුව ප්රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේදී පැවැත්වෙනවා. මේක ගීතමය ප්රසංගයක්. නුර්ති ගීත තමයි මෙයට ඇතුළත් වෙන්නෙ. කුමාරිගේ මව සහ පියා ඉතාම ප්රකට ටවර්හෝල් ගායක යුවළක්. එල්. කේ. සෝමකාන්තා තමයි මව. පියා ටී. විල්බට් පෙරේරා. කුමාරිගේ අයියා ෂෙල්ටන් පෙරේරා. මොවුන් ගැයු රසාලිප්ත නුර්ති ගී කුමාරි විසින් ඉදිරිපත් කිරීමට නියමිතයි. ප්රසංගයේ සංගීත අධ්යක්ෂණය රංජිත් යාපා ද අල්විස්්ගෙන්. යුග ගායනයෙන් ටී. තනුෂ්ක ගයාන් පෙරේරා එක් වෙනවා. මේ ප්රසංගය නරඹන්න එන්න කියලා කුමාරි පෙරේරා ඔබ සැමට විවෘත ආරාධනාවක් ද කරනවා.
නිශ්ශංක විජේරත්න