ජීවන් සහ ජීවන්

ඔක්තෝබර් 3, 2019

ජීවන් හඳුන්නෙත්ති ගැන කාලෙකින් මුකුත් ලියන්න බැරි වුණ නිසයි මෙහෙම ලියන්නේ. ඔහුගේ කතා කිහිපයක්ම තියෙනවා. ඒවායින් දෙකක් කියන්නම්. රංගන ලෝකයේ අපි දන්න විදිහට ජීවන්ලා දෙන්නෙක් ඉන්නවා. එක් කෙනෙක් ජීවන් කුමාරතුංග. අනෙක් කෙනා මේ ජීවන් හඳුන්නෙත්ති. ජීවන් කුමාරතුංග අධ්‍යක්ෂණය කරන ජීවා චිත්‍රපටයේ මුහුරත දවසේ එතැන හිටපු එක්තරා පුද්ගලයකු සිය කතාවේදී කිව්වා රංගන ලෝකයේ ඉන්න එකම ජීවන් තමයි මේ ජීවන් කුමාරතුංග කියලා. එතන ජීවන් හඳුන්නෙත්තිත් හිටියා. මේක අහපු ගමන් ඔහු ළඟ හිටපු මිත්‍රයෙක් කිව්වා මචං අර ජීවන් විතරද රඟපාන්නේ, උඹ ජීවන් නෙවෙයිද කියලා. ජීවන් එතැනින් මාරු වුණාලු. වෙනත් මිත්‍රයෙකුත් ඇවිල්ලා ඒ දෙයම කිව්වලු. මචං උඹ ජීවන් නෙවෙයිද? උඹත් රඟපානවනෙ. තව තැනකට ගියාමත් තවත් කෙනෙක් ඕකම ජීවන් හඳුන්නෙත්තිගෙන් අහලා

නැහැ මං ජීවන් නෙවෙයි. එයයි ජීවන්. මං විජය කුමාරතුංග කියලා බැරිම තැන ජීවන් හඳුන්නෙත්ති කිව්වෙ අවට ඉන්න අය හිනස්සන ගමන්. ඊට පස්සේ ‘මචං උඹ ජීවන් නෙවෙයිද’ කියන වදන් පෙළ ප්‍රසිද්ධ වුණාලු. ජීවන් අති ප්‍රසිද්ධයි ලණු දෙන්න. ඔහුගෙන් ලණු කාලා දිරවගන්න බැරි වෙච්ච අය ගොඩක් ඉන්නවා. මහින්ද පතිරගේත් ඒ වගේ කෙනෙක්. ඔන්න දවසක මහ රෑ ජාමෙ දොළහට විතර ජීවන්ගෙන් මහින්දට කෝල් එකක් එනවා. නිදි ගැට කඩ කඩ ඈනුමක් එහෙම යවං මහින්ද ජීවන්ගේ අංකය දැකීම නිසාම දුරතනයට ඇමතුවලු. හෙලෝ . . .

මචං මහින්ද මං ජීවා, ජීවන් බං. . .

ඔව් ඔව් කියපං මොකෝ මේ මහ රෑ.

මචං උඹ මේ මාසෙ 28, 29, 30 වැඩද . . .

පොඩ්ඩක් හිටපං ඩයරිය බලලා කියන්නම්.

මහින්ද නිදිමතේම ඩයරිය පෙරළලා බැලුවලු. 28, 29 වැඩ බං ෂෝ එකක් දාගෙන. 30 නම් ෆ්‍රී.

30 ෆ්‍රීද . . . එහෙනම් 30 ත් වැඩක් දාගනිං. බායි . . . කියලා ජීවන් ෆෝන් එක කට් කළාලු.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.