මුල මතකයි

ඔක්තෝබර් 3, 2019

මුල මතක තිබීම ඉතාම හොඳ පුරුද්දක්. තමන්ගේ ආරම්භය උදවු පදවු කළ අය ගැන මතකයේ රැඳුණොත් ඒ කෙනාගෙ ගමන ස්ථාවර එකක් වනු නොඅනුමානයි. ඉහළට යන්නට මුලපාදා දුන් කෙනෙකු තමන්ගේ විශේෂම අවස්ථාවකදී මතක් වෙනවා නම් එය කොතරම් හොඳ ගුණාංගයක්ද. ප්‍රවීණ ගායිකා මායා දමයන්තිත් එහෙමයි. ඇය තව නොබෝ දිනකින් ගීතමය ප්‍රසංගයක් පවත්වනවා. ඒ සඳහා ඇයට විශේෂ වූ අමුත්තෙක් ගෙන්වන්න වුවමනා වුණා. ඔහු තමයි ගාමිණී හේවාවිතාරණ. ගාමිණී හේවාවිතාරණ කියන්නේ රක්තා, සාරංගා වැනි චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ නිර්මාණකරුවෙක්. ඔහු තමයි මායාට මුලින්ම චිත්‍රපටයක ගායනයට අවස්ථාව දුන්නේ. ඒ සාරංගා චිත්‍රපටයේ. මායාගේ නැඟණිය වූ අනෝජා වීරසිංහට තමයි ඇය හඬ දුන්නේ. මෙවන් වූ අවස්ථාවක් ලබා දී සිනමාවේ දිගු ගමනක් යන්නට අවස්ථාව ලබා දුන් ගාමිණී විශේෂයෙන් කැඳවන්න මායා තීරණය කළේ මුල හොඳාකාරවම මතක නිසයි.

 

Add new comment