සිනමා සක්විති 15 වැනි ගුණ සැමරුම

ඔක්තෝබර් 3, 2019

සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා සූරීන්ගේ 15 වැනි ගුණ සැමරුම වෙනුවෙන් 4 වැනි වරට පවත්වනු ලැබූ ලේ දන් දීමේ වැඩපිළිවෙළක් පසු ගිය දින නාරාහේන්පිට රුධිර මධ්‍යස්ථානයේදි ගාමිණි ෆොන්සේකා පදනමේ සභාපති දමිත් ෆොන්සේකාගේ ප්‍රධානත්වයෙන් පැවත්වීණි. මෙම ලේ දන් දීම සංවිධානය කරනු ලැබුවේ කලා ශිල්පි අසෝක සෙනරත් මුදලිගේයි. එයට සමගාමීව රෝයිද සිල්වා වෙනුවෙන් සුමනා අමරසිංහ, ටෙඩි විද්‍යාලංකාර, ජයසේකර අපොන්සු, සඳුන් විජේසිරි, දම්මිත් ෆොන්සේකාට සමරු තිළිණ ද ප්‍රධානය කෙරිණි. මේ ලේ දන් දීමේ පින්කමේ විශේෂ අවස්ථායි.

නිශ්ශංක විජේරත්න

Add new comment