බෙන්-හර් නවකතාව එළිදකී

ඔක්තෝබර් 3, 2019

ලෝ බිහි වූ දැවැන්තම සිනමාකෘතියක් සේ සැලකෙන බෙන්හර් චිත්‍රපටයට පාදක වූ ලී වොලස්ගේ නවකතාව දැන් සිංහල පරිවර්තනයක් ලෙස එළිදැක් වී ඇත. එය ශ්‍රිලානි ප්‍රනාන්දුගේ පරිවර්තනයකි. බෙන්හර් කිහිප වතාවක් සිනමාවට නැඟුණු අතර එහි මුල් චිත්‍රපටය 1907 දී දෙවැනි චිත්‍රපටය 1925 දී ද නිහඬ චිත්‍රපට ලෙසින් තිරයට ආ අතර, 1959 වසරේදී තැනූ චිත්‍රපටය ඒ අතරින් විශිෂ්ටතම සිනමාපටය ලෙස සැලකේ. එහි අලුත්ම චිත්‍රපටය තිර ගත වූයේ 2016 වසරේදීය.

නිශ්ශංක විජේරත්න


ආර්ට් ක්ලබ් ශ්‍රී ලංකා 5 දා ඇරැඹේ

ආර්ට් ක්ලබ් ඔෆ් ශ්‍රී ලංකා නමින් කලා සමාජයක් ආරම්භ වීම මෙම මස 05 වැනිදා කොළඹ ලුම්බිණි රඟහලේදී සිදු වෙයි. මේ සඳහා අත්වැල් බැඳ ගන්නා ලෙසට එම සංවිධානයේ නිර්මාතෘ ප්‍රියන්ත සමරකෝන් සියලු කලාකරුවන්ට ආරාධනා කොට සිටියි.

ප්‍රසාද් සමරතුංග - නිශ්ශංක විජේරත්න


හෑන්ස් වෑන්ස් ට්‍රරෙක්ස් මියයයි

මෙරට පැරැණිතම චිත්‍රපට ප්‍රදර්ශකයකු මෙන්ම නිෂ්පාදකවරයකු වූ හෑන්ස් ඇන්ටන් වෑන්ස් ට්‍රරෙක්ස් අභාවප්‍රාප්තවිය. කුරුණෑගල රුවන්වැල්ල ඇතුළු ඉම්පීරියල් සිනමා මණ්ඩලයේ ශාලාවන්හි අධිපති වූ ඔහු සිකුරු හතේ සහ පහ සමත් චිත්‍රපටවල නිෂ්පාදක ද විය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 70 කි.

ප්‍රසාද් සමරතුංග - නිශ්ශංක විජේරත්න

Add new comment