ඊතලය ළඟදීම

ඔක්තෝබර් 10, 2019

 

නාලක විතානගේ ගේ නවතම සිනමාපටය ඊතලය හි සියලු වැඩ කටයුතු මේ වන විට නිමව තිබේ. එය ළඟදීම තිරගතවීමට සූදානමිනි. කැලුම් ආර්යන් කුලරත්න, ශෙහානි පෙරේරා සහ චමත්කා ලක්මිණි ප්‍රධාන චරිත මවන මෙහි සෙසු චරිත සඳහා රෙක්ස් කොඩිප්පිලි, ශ්‍යාම් ප්‍රනාන්දු, ධර්මප්‍රිය ඩයස්, ගයත්‍රි ඩයස් ඇතුළු පිරිස රංගනයෙන් දායකවේ.

නිලංක පෙරේරා, ඉන්දික ලක්මාල් සහ නිශාන්ත ප්‍රදීප් කැමරා අධ්‍යක්ෂවරුන්ය. ධනුක බාලාරච්චිගේ කලා අධ්‍යක්ෂණයකි. ප්‍රභාත් දිසානායක අංග රචනා ශිල්පියාය. පාලිත විවේක් නිෂ්පාදන කළමනාකරුය. ශාන් අල්විස්ගේ වර්ණ සංයෝජනයකි. කේෂාන් පෙරේරා ඊතලය සංගීතවත් කොට තිබේ. තිවංක අමරසිරි සංස්කරණ ශිල්පියාය. 5.1 ශබ්ද මිශ්‍රණය අසේල ඉන්ද්‍රලාල්ගෙනි.

ඊතලය එන් කේ ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමකි. අනිත්‍යා, රූපාන්තරණ, නිලංජනා, සරුංගල් නාලක මීට ප්‍රථම නිර්මාණය කළ චිත්‍රපට අතර වේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.