එකට බැරි වුණත්

ඔක්තෝබර් 10, 2019

හෙළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා අප අතරින් වියෝ වී වසර පහළොවක් සපිරීම නිමිති කර ගනිමින් ලේ දන්දීමේ වැඩ සටහනක් ඉකුත් දා පැවැත්වුණා. එය සංවිධානය කොට තිබුණේ ගාමිණීට ළෙංගතු කලාකරු අශෝක සෙනරත් මුදලිගේ විසිනුයි. මෙහිදී ගාමිණී ෆොන්සේකා අනුස්මරණ සම්මාන කිහිපයක් ද ලබා දෙනු ලැබුවා. අප අතරින් වියෝ වූ රෝයි ද සිල්වාගේ ජීවන සහකාරිය ජනපි‍්‍රය නිළි සුමනා අමරසිංහටත් මෙදින සම්මානයක් පිරිනැමුවා. විශේෂත්වය වන්නේ සුමනා කොතරම් චිත්‍රපට ප්‍රමාණයකට රංගනයෙන් දායක වී තිබුණ ද ගාමිණී හා එකදු චිත්‍රපටයකටවත් රඟ නොපෑමයි. එය සුමනාට පමණක් නොව රෝයි සුමනා යුවළටම පිරිනැමුණ සම්මානයකි.

ප්‍රසාද් සමරතුංග 
තිලක්/නිශ්ශංක

Add new comment