පහරේ සැර

ඔක්තෝබර් 10, 2019

අසංකි ද සිල්වා ඔබ හමුවට එන්නේ රෂ් චිත්‍රපටය සමඟිනි. එය ලබන සතියේදී තිරයට පැමිණීමට නියමිතයි. චිත්‍රපටයේ අසංකිගේ චිත්‍රපටයේ පෙම්වතා උද්දික ප්‍රේමරත්න. උද්දිකට අසංකි නිසා ඇත්තටම ගුටි කන්නට සිද්ධ වුණාලු. චිත්‍රපටය අවසන් හරියේ එක්තරා දර්ශනයක තියෙනවා අසංකි උද්දිකට පහර දෙන. මේ සඳහා ව්‍යාජ ලී පොල්ලක් තමයි භාවිත කරලා තියෙන්නේ. පොල්ල ව්‍යාජ වුණත් ඒකෙන් පහර දෙන ක්‍රමය දැනගෙන ඉන්නත් ඕනනෙ. අසංකි පුළුවන් තරම් වැරෙන් උද්දිකට පහර දීලා. ඒවා හොඳට රිදෙන්න උද්දිකට දැනිලා. පහරදීමේ සැර කොච්චරක් ද කිව්වොත් උද්දික ටික වේලාවක් යනකම් අසංකිත් එක්ක තරහ වෙලත් හිටියලු.

ප්‍රසාද් සමරතුංග 
තිලක්/නිශ්ශංක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.