අසන්න ඇය ගයන්නී කැනඩාවේදී

ඔක්තෝබර් 17, 2019

සංගීත විශාරද නන්දා මාලිනී සහභාගී වන ප්‍රසංග මාලාවක් මෙම 19 වන දින ටොරොන්ටෝ නගරයෙන් ආරම්භ වී එඩ්මන්ටන්, කැල්ගරි, වැන්කුවර් සහ ඔටාවා යන නගරවලදී පැවැත්වෙනු ඇත.

ප්‍රවීණ ගායනවේදීන් වන සෝමතිලක ජයමහ සහ කරුණාරත්න දිවුල්ගනේ ශිල්පීන් දෙපළ ඇය සමඟ මෙම සංචාරයට එක් වෙති. සුරේෂ් මාලියැද්ද විසින් සංගීත අධ්‍යක්ෂණය කරන මෙම ප්‍රසංග මාලාව සඳහා ශ්‍රී ලංකාවෙන් වාද්‍ය ශිල්පීන් අට දෙනෙකු සහභාගිවීමට නියමිතය. මෙම ප්‍රසංග මාලාවේ ප්‍රධාන සංවිධායක්වය දරන්නේ ටොරොන්ටෝ නගරයේ වෙසෙන ශ්‍රී ලාංකීය රසවතකු වන සුදේශ් මුතුනවගොන්නයි. මෙය කැනඩා ශ්‍රී ලංකා මිත්‍ර සංගමයේ ටොරොන්ටෝ ශාඛාව මගින් මෙහෙයවනු ඇත.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.