කාලය කෙතරම් සොඳුරු ද?

ඔක්තෝබර් 17, 2019

නිල්මිණී තෙන්නකෝන් ඉතා ජනප්‍රිය චරිතයක් බවට පත් වුණේ දූ දරුවො නාට්‍යයේ දීප්ති නිසා කිව්වොත් වැරැදි නැහැ. දූ දරුවෝ අධ්‍යක්ෂණය කළේ නාලන් මෙන්ඩිස්. නිල්මිණිට දිප්තිගේ චරිතය බාරදීම තුළින් නාලන් ඇගේ වෘත්තීය ජීවිතය ඉදිරියට යාමට තල්ලුවක් ලබා දුන්නා. මේ නිල්මිණි සහ නාලන් කලකදී අමනාප වෙලා ඉතා දිගු කාලයක් දෙන්නා එහෙම විරසක වෙලා උන්නලු. මේ පිළිබඳ නිල්මිණි ඉකුත් දිනයක හෙළිදරව් කළේ සුමති සම්මාන උලෙළ වෙනුවෙන් පැවැත් වූ මාධ්‍ය හමුවේදී. නිල්මිණි නාලන් සමඟ අමනාප වුණු හේතුව සඳහන් කළේ නවක නිළියන්ට උපදෙසක් ද ලබා දෙමිනුයි. දූ දරුවෝ රඟපාන කාලේ නිල්මිණි සැබෑ ජීවිතයේ පෙම්වතියක්. ඇයට කැමරාව ඉදිරියෙත් පෙම්වතියගේ දර්ශන රඟපාන්නත් තිබිලා. මෙහෙම පෙම්වතිය හැටියට රඟපානවා දැකලා නිල්මිණිගේ එවකට හිටපු පෙම්වතා දර්ශන තලයේදී නිල්මිණිට පහර දුන්නලු. හැබැයි එතකොට ඇයට හිතිලා තියෙන්නේ පෙම්වතා වැඩි ආදරයටනෙ එහෙම හිතන්නේ කියලා. නාලන් එතකොට කියලා නිල්මිණිට වෘත්තීය ජීවිතයත් අමතක කරන්න එපා කියලා. ඔතැන ඇති වූ යම් යම් සිදුවීම් නිසා නාලන් සහ නිල්මිණි අතර අමනාපයක් ගොඩ නැඟුණලු. බොහෝ කලකට පස්සේ තමයි නිල්මිණිට හිතිලා තියෙන්නේ පහුගිය කාලයේ කොතරම් දේවල් වෘත්තීමය වශයෙන් මඟ හැරිලද කියලා. මේ කතාව අතරතුරදී නිල්මිණි අලුත් නිළියන්ට කිව්වේ නැඟී එන කාලයේ ආදරය කරන්නට වරැදි කෙනෙක් තෝරා ගත්තොත් වෘත්තීය දිවියට හානි වෙනවා කියන උපදෙසයි. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.