තාත්තාගේ මඟ නොගොස්

ඔක්තෝබර් 17, 2019

අශෝක පොන්නම්පෙරුම කියන්නේ අප සිනමාව එකලු කළ ජනකාන්ත රංගන ශිල්පියෙක්. ඔහුගේ ආදරණීය වැඩිමහල් පුතු අනුරුද්ධ පොන්නම්පෙරුමත් කලාවට ඇවිත්. හැබැයි තාත්තා වැඩිපුර කළා වගේ රංගනයෙන් නම් නෙවෙයි. අනුරුද්ධ වඩාත් දක්ෂ ගායනයට. මේ වන වට ඔහු ගීත කිහිපයක්ම ගායනා කොට අවසන්. සිහින බිඳී තමයි ඔහුගේ පළමු ගීතය. තරු දිලිසුණු සහ සිහිනයක සේයා නමින් තවත් ගීත දෙකක්ම අනුරුද්ධ ගැයුවා. මංජුල ප්‍රභාත් හෙට්ටිආරච්චි, වර්නන් පෙරේරා සහ ප්‍රියන්ත ගුණතිලක තමයි ගීතවල පදමාලා ලියලා තියෙන්නේ. රංජිත් ඩයස් ගීත ත්‍රිත්වයේම සංගීත නිර්මාණය කළා. තවත් ගීත ගායනා කොට ගායන ලොවේ නමක් රන්දන්නයි අනුරුද්ධ උත්සාහ කරන්නේ.

Add new comment