බාධක මැද ගැයුමේ හැඩ

ඔක්තෝබර් 17, 2019

ෆර්නි රෝෂණී දක්ෂ වේදිකා නාට්‍ය නිළියක්. ඒ වගේම ඇය ගායනයටත් දක්ෂයි. ෆර්නි එක්තරා දවසක ඇයට වැඩ දෙකක් වැටිලා එකක් ඉවරවෙලා අනෙකට යන්න වෙලාවේ මදිවෙලා. උදේ වැඩේ දවල් වෙද්දි ඉවර වෙලා අනෙක් වැඩේට යන්න ඇය එළියට බැස්සා. හවස තියෙන්නේ වේදිකා නාට්‍ය ප්‍රසංගයක ගී ගයන්න. බත්තරමුල්ලේ අපේ ගම රඟහලේ තමයි එය වේදිකා ගත වෙන්නේ. ෆර්නි සිටිය තැන ඉඳලා ඉක්මනින් බත්තරමුල්ලට යන්න ඇය ටැක්සියක නැංගලු. රථයේ රියදුරාට එපා කියද්දීම ඔහු ෂෝර්ට් කට් එකකට වාහනය හරවලා. ඒ පාරේ දිගු ට්‍රැෆික් එකක්ලු. වේලාවත් පහුවේගෙන යනවා. අනෙක් නිර්මාණ වගේ නෙවෙයිනෙ වේදිකා නාට්‍යවලදී සෙල්ලම් බෑ. අදාළ කෙනා අදාළ වෙලාවට සිටිය යුතුමයි. ෆර්නි දැන් දෙළෝ රත් කරගෙන අර ටැක්සියෙන් වහ වහා බැස්සලු. බෑග් මලුත් උස්සගෙන ඇය පාරට බැහැලා එතැනට ආව මෝටර් බයිසිකලයකට අත දාලා ‘අනේ මල්ලි හදිස්සියක්. මාව අහවල් තැනට ගිහින් දාන්න’ කිව්වලු. අනේ ඉතින් බයික් එකේ ආව මල්ලි ගැලවුම්කාරයෙක් වගේ ෆර්නිව ශාලාව ගාවට එක්කරගෙන ඇවිත්. ඒ පාරේ යද්දී ෆර්නි බයිසිකලෙන් වැටිලා. අර තරුණයාත් බය වෙලා. ඒත් ෆර්නි ආපහු නැගලා බය වෙන්න එපා අපි යං කිව්වලු. කොහොම හරි දුවගෙන ගිහින් වේදිකාවට නැංගලු. පස්සේ බලද්දි දැකලා තියෙන්නේ අත පය ලෙලි ගිහින් කියලා.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.