මගේ ගීත දැන් අන්තර්ජාලයේ ශි‍්‍රයානන්ද

ඔක්තෝබර් 24, 2019

දවසින් දවස අප සංගීත කේෂත්‍රයට නවක ගායන ශිල්පීන් එක්වනවා. කුමාර ශි‍්‍රයානන්ද ද එවන් වූ අයෙක්.

තම හැකියාවෙන් රසිකයින් පිනවමින් සංගීත අඹරේ කලක් රැඳෙන්නට ඔහු අපේක්ෂා කරනවා. මේ කුමාර තමන් පිළිබඳ අදහස් දැක් වූ අයුරුයි.

මං දිගු කාලයක් විදෙස් ගතව සිටි අයෙක්. එංගලන්තයේ තමයි මං හිටියේ මං දන්නවා මට යම් කලා හැකියාවන් කිහිපයක් තියෙනවා කියලා. වීඩියෝ නිර්මාණයට පද්‍ය රචනයට වගේම ගායනයටත් මං දක්ෂයි කියලා මං දන්නවා. ඒ වගේම මගේ මිතුරු මිතුරියන්ගේ දෑඩි ඉල්ලීමක් තිබුණා මට කලාවට යන්න කියලා. ඔවුන් බලාපොරොත්තු වුණා මං ලව්වා ගීත ගායනා කරවගන්න. ඒ අනුව තමයි මං මගේම ගීත ගයන්නට පටන් ගත්තේ. මගේ ජීවිතේ කියලා නම් කෙරු ගීතයක් තමයි මං මුලින්ම ගැයුවේ. ඒකෙ පද මගෙ. විශාරද ජගත් වික්‍රමසිංහ ගීතය සංගීතවත් කළා. ඒකේ වීඩියෝවත් නිර්මාණය කළේ මම දෙවැනි ගීතය ‘ලොව එක් වූ යාමේ’ ඒකෙත් පද මගේ. ජගත් වික්‍රමසිංහ සංගීතය නිර්මාණය කළා. මියුසික් වීඩියෝව මම කළේ ‘සිහිනයක් ද මේ නුඹ තමයි’ මං ගැයූ නවතම ගීතය. රජීව් අල්විස් පද රචනය කළා. ඒ සින්දුවේ සංගීත නිමැවුම මං විසින් කළේ. මේ වන විට මගේ ගීත සියල්ලම පාහේ අන්තර්ජාලයට එකතු කරලා තියෙන්නේ. කුමාර ශි‍්‍රයනන්ද කියලා ගූගල් සර්ච් කළාම මගේ ගීත රස විඳින්න පුළුවන්. මගේ මතයට අනුව මෑත කාලීනව ගීතයකට රූප රචනයක් අවශ්‍යමයි. එතකොට තමයි ගීතයක් වැඩිපුර මිනිස්සුන්ගේ අවධානයට ලක්වන්නේ ඉදිරියේ දී වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙසට ද මං ක්‍රියා කිරීමට සුදානමින් ඉන්නවා.

ඒ සඳහා මං ප්‍රධාන පෙළේ රූපවාහිනි නාළිකාවක් සමඟ සාකච්ඡා කරමින් තමයි ඉන්නේ.

මගේ ගම ගල්කිස්ස. දකුණු කොළඹ විද්‍යා විදුහලෙන් තමයි අධ්‍යාපනය හැදෑරුවේ. කලාකරුවකු විදිහට කලාවේ නියැළෙන්න තමයි මගේ එකම අපේක්ෂාව.

ප්‍රසාද් 
තිලක්/නිශ්ශංක