මවගේ කැමැත්තට රඟන දිලූප වනිගසිංහ

ඔක්තෝබර් 24, 2019

දිලූප වනිගසිංහ නවක රංගන ශිල්පියෙක්. උරුමයක අරගලය, සිඳු, නෝපාර්කිං, වෙස්, ක්ලික්, කුමී ආදී නාට්‍ය ගණනාවක ඔහු විවිධ චරිත රංගනයෙන් දායක වුණා. දිලූප රංගනයට එන්නේ මවගේ කැමැත්ත මත. නමුත් ඇය නොසිතූ අන්දමින් වසර තුනකට පෙර වියෝ වුණා. මවගේ අභිප්‍රාය සාක්ෂාත් කර ගැනීමටයි දිලූප රඟපාන්නේ. කෙසේ වෙතත් ඔහු රංගනය වෘත්තිය කර ගැනීමට අපේක්ෂාවක් නැහැ. ඉදිරියේදී ව්‍යාපාර ක්ෂේත්‍ර වෙත යොමුවන්න දිලූප හිතාගෙන ඉන්නවා. දිලූපගේ පදිංචිය හෝමාගම. පන්නිපිටිය ක්‍රිස්තුරාජ සහ නුගේගොඩ ශාන්ත ජෝන් යන විදුහල්වලින් තමයි ඔහු අධ්‍යාපනය හැදෑරුවේ.

ප්‍රසාද් 
තිලක්/නිශ්ශංක