කොමඩි වැටිල්ල

ඔක්තෝබර් 24, 2019

කෙනෙකු වැටුණාම හිනාවෙන එක හොඳ පුරුද්දක් නෙවෙයි. හැබැයි හාස්‍යෝත්පාදක නළුවෙක් ඇත්තටම වැටුණොත් අපට සිනහ පහළ වේවි. මොකද ඒකත් රංගනයක් වගේ පෙනෙන නිසා. ඉකුත් දිනවලදී අපේ කොමඩි ස්ටාර් නන්දන හෙට්ටිආරච්චිට එහෙම දෙයක් වුණා. ඔහු රූපගත කිරීමකට යන්න හදද්දි තමයි මෙහෙම දෙයක් වුණේ. නන්දනව ගන්න වාහනයක් ආවා ගේ ළඟට.

කඩිමුඩියේ දුවගෙන ඇවිත් ඔහු වාහනයේ දොර ඇරලා පඩියට අඩිය තිබ්බා. පඩිය කියලා හිතලා නන්දන අඩිය තියලා තියෙන්නේ ඒකෙ වාඩි වෙලා හිටපු චතුර පෙරේරාගේ කකුල උඩට. චතුර කකුල ගසලා. ඒ ගැසිල්ලට නන්දනව බිමටම පෙරළිලා. හරියට හාස්‍යෝත්පාදක දර්ශනයක වුණා වගේ. නන්දනව වැටුණු විදිහ දැකලා වාහනයේ හිටපු අයට හොඳටම හිනහ පහළ වුණාලු. ඕක තමයි මචං කියන්නේ විකට නළුවෙක් වුණාම ඇත්තට වැටුණත් මිනිස්සු හිනාවෙනවා.’

 නන්දන වැලි ගසා දමමින් වාහනයට නැංගෙ එහෙම කියාගෙනලු.
 


නිශ්ශංක විජේරත්න

Add new comment