පුටු හුටපට

ඔක්තෝබර් 24, 2019

රඟපාමින් සිටින ගමන් වාඩි වෙලා ඉන්න පුටුව උස්සගෙන ගියොත් කොහොමද. එක සැරයයක් නෙවේ දෙවතාවක්ම එහෙම වුණොත් කොහොමද. ඒ අවස්ථාවට මුහුණ දුන්නේ නව පරපුරේ නිළි කස්තුරි ජයවර්ධන. ඇය ඉකුත් දා ගීතමය රූප රචනාවකට එකතු වුණා. කස්තුරි පුටුවක වාඩි වෙලා පුවත්පතක් බලන දර්ශනයක් තිබුණේ.

ඇයට අධ්‍යක්ෂවරයා පුටුවක් පෙන්නුවා වාඩිවෙන්න කියලා. ඒක ටිකක් පරණ පුටුවක්. ඔය මොහොතේ නිවසේ අයිති කෙනා ගෙදර පරණ භාණ්ඩ අයින් කරමින් ඉඳලා තියෙන්නේ. ලොරියක් එහෙම ඇවිත් ඒවා පටවනවා. දර්ශනය රූපගත කිරීම් කරමින් සිටින අතරතුරදීම කස්තුරි වාඩි වී සිටිය පුටුව අරගෙන ගියාලු. තව පුටුුවක වාඩි වුණාම ඇයට නැගිටින්න කියලා ඒ පුටුවත් අරගෙන ගියාලු. අන්තිමේ කස්තුරි ගෙනියන පුටු ගෙනියන්න කියලලු දර්ශනය ගන්න වාඩි වුණේ. ඒ වෙලාවේ එතැන හිටපු කට්ටිය කස්තුරිව බය කළාලු ‘පරණ භාණ්ඩයක් කියලා හිතලා ඔයාවත් ගෙනි යයි’ කියලා.


 
 නිශ්ශංක විජේරත්න
  

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.