ශ්‍රියාණි අමරසේන සමඟ ක්‍රිෂ්ටිගේ යාත්‍රා කැලිෆෝනියාවේ

ඔක්තෝබර් 31, 2019

ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ යාත්‍රා සිනමාපටයේ විශේෂ දැක්මක් එළඹෙන නොවැම්බර් මස 02 වැනිදා සවස කැලිෆෝනියාවේ ආර්යා ෆයින් ආර්ට් තියෙටර්හිදී පැවැත් වෙනු ඇත. මෙය සංවිධානය කොට ඇත්තේ කොළඹ නාලන්ද විද්‍යාලයේ විශ්‍රාමික ගුරුවරුන්ගේ වෛද්‍ය අරමුදලට ආධාර පිණිසය. මේ අවස්ථාව සඳහා විශේෂ ආරාධිතයකු වශයෙන් ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියාණි අමරසේන සහභාගීවීමට නියමිතය. ක්ලීටස් මෙන්ඩිස්, ශ්‍රියාණි අමරසේන, ශ්‍රියන්ත මෙන්ඩිස්, සාරංග දිසාසේකර, පබෝදා සංදීපනී, රොෂාන් පිලපිටිය, දිනෙත් ද සිල්වා, ලක්ෂ්මන් මෙන්ඩිස් ආදීහු යාත්‍රා සිනමාපටයේ රංගනයෙන් දායක වෙති. මෙය රුවන් ජයසිංහගේ සහ ශ්‍රියාණි අමරසේනගේ නිෂ්පාදනයකි. ලිලානි පෙරේරා සහ නිරංජලා සරෝජනී සම නිෂ්පාදනයෙන් එකතු වී තිබේ.

 

Add new comment