රාජාට, සීගිරිට විජේගෙන් අරියාදු

ඔක්තෝබර් 31, 2019

 බිගිල් උන්මාදය ලොව පුරා පැතිර තිබේ. දමිළ සිනමාවේ ජනප්‍රිය නළු විජේ ප්‍රධාන චරිතය මවන බිගිල් ලොව පුරා තිරගත වීම අරැඹියේ ඉකුත් සතියේ සිටය. තම සිනමාවේ වීරයාව දැක බලා ගැනීමට චිත්‍රපටය ශාලාවට පැමිණෙන්නට පෙර සිටම රසික රසිකාවෝ උන්මාදයෙන් බලා සිටියෝය. අප රටේ ද එසේමය. අලුයම හතරට බිගිල් චිත්‍රපටයේ පළමු දර්ශන වාරය මෙරටදී ඇරැඹියේ විජේගේ රූපයට මල් මාලා ද පළඳවමිනි. ඒ අතර තවත් සිද්ධියක් වාර්තා විය. බිගිල් උන්මාදය නිසා එය නැරැඹීමට ටිකට් පත් මිල දී ගැනීමට නොහැකි වූ රසිකයෝ සිනමා ශාලවලට පහර දුන්හ. මෙය ඉන්දියවේ නොව මෙරටදී සිදු වුණු දෙයකි. කටුගස්තොට සීගිරි සහ යාපනය රාජා යන සිනමා ශාලා ඇතුළු සිනමා ශාලා කීපයකට මේ හේතුවෙන් අලාබහානි සිදු විය. චිත්‍රපට නරඹන්නට ප්‍රේක්ෂකයන් නැතැයි ඇතැමුන් චෝදනා නගන්නේ මෙවන් වූ රටකය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.