ප්‍රියන්ත කොළඹගේ මන්දාරා අරඹයි

ඔක්තෝබර් 31, 2019

ප්‍රියන්ත කොළඹගේ ගේ නවතම සිනමාපටය වූ ‘මන්දාරා’ හි මුහුරත් උලෙළ ගල්කිස්ස හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණ. මෙය අධ්‍යක්ෂවරයාගේ හය වැනි සිනමා නිර්මාණය වේ. විමුක්ති, දැහැන, අරුමෝසම් වැහි, ආදරණීය කතාවක්, දේදුනු අකාසේ ප්‍රියන්ත කොළඹගේ මීට ප්‍රථම අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතර වේ. මන්දාරා සිනමාපටයේ ලක්ෂ්මන් මෙන්ඩිස්, චාන්දනී සෙනෙවිරත්න, ප්‍රියංකර රත්නායක, මාධනී මල්වත්තගේ, චුලක්ෂි රණතුංග, සේමිණි ඉද්දමල්ගොඩ, බිමල් ජයකොඩි, ඉසුරු ලොකු හෙට්ටිආරච්චි, සහේලි සදිත්මා, විහඟ සූරියආරච්චි (හඳුන්වා දෙන) චානුක ප්‍රසාද් (හඳුන්වා දෙන) ඇතුළු පිරිස රංගනයෙන් දායක වෙති.

රුවන් කොස්තා කැමරා අධ්‍යක්ෂවරයාය. නලින් ප්‍රේමතිලකගේ අංග රචනයකි. මංගල ප්‍රනාන්දු කලා අධ්‍යක්ෂණයෙන් දායක වේ. ඩොනල්ඩ් ජයන්ත සහාය අධ්‍යක්ෂවරයාය. නිමල් විජේසිරිගේ නිෂ්පාදන කළමනාකරණයකි. ප්‍රියන්ත පතිරගේ සහ නිරෝෂන් එදිරිමාන්න දෙවැනි සහාය අධ්‍යක්ෂවරුන්ය. මන්දාරා මහේන් පෙරේරාගේ නිෂ්පාදනයකි. මේ මන්දාරා සිනමාපටයේ පිරිවර සමුහ ඡායාරූපයකට පෙනී සිටි අයුරුයි.

Add new comment