ශ්‍රී සුගත අභයදාන සංගමයට දහහතරයි

කලාකරුවන් රැසකට උපහාර
ඔක්තෝබර් 31, 2019

ශ්‍රී සුගත අභයදාන සංගමයේ දහහතර වැනි සංවත්සර සැමරුම නොවැම්බර් මස 05 වැනිදා සවස පිළියන්දල තුම්බෝවිල ශ්‍රී සද්ධර්මාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත් වෙනු ඇත. එහි සභාපති පූජ්‍ය මීගහවෙල සුමන ශාන්ත ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙහිදී මරණයට කැප වූ ගවයන් නිදහස් කිරිම, පොත්පත්, රෝද පුටු බෙදා දීම, කලාකරුවන්ට සම්මාන පිරිනැමීම ආදී කර්තවයන් රාශියක් සිදු කිරීමට නියමිතය. මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, ප්‍රවීණ රංගනවේදී සනත් ගුණතිලක, රංගන ශිල්පී ජයලාල් රෝහණ සහ භූපාල් ලක්දාස් ප්‍රනාන්දු මෙදින දේශනයන් පවත්වනු ඇත. පූජ්‍යපාද තුම්බෝවිල ධම්මරතන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, ජ්‍යෙෂ්ඨ කලාකරු විජයරත්න වරකාගොඩ, ලැම්බට් පෙම්මාවඩු (හඳමාමා), දයා නෙල්ලම්පිටිය, නිහාල් නෙල්සන්, සුනිල් අරුණ වීරසිරි, භූපාල් ලක්දාස් ප්‍රනාන්දු මෙහිදී ඇගැයීමට පාත්‍ර වේ. ජනප්‍රිය ගායක නිහාල් නෙල්සන් ගයන එපා එපා මස් කන්නට කිරි අම්මාගේ ගීතය මීගහවෙල සුමන ශාන්ත හිමියන් විසින් රචනා කළ අතර මෙදින එම ගීතය ද නිහාල් නෙල්සන් විසින් ගායනා කරනු ලබයි.

 

 

දයා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.