මේ දරුවා කොහෙන්දෝ

ඔක්තෝබර් 31, 2019

දොයි දොයි දොයි දොයිය බබා
බයි බයි බයි බයිය බබා

ජනප්‍රිය සිනමා නිළියක් බබෙක් නළවනවා. හැබැයි ඒ දරුවා නිදාගන්න තියා හිතලාවත් නැහැ.

මෙහෙම ළමයි නැළෙව්වෙ චුලක්ෂි රණතුංග. බලන්නකො ඒකෙත් අපූරුව. මේ දරු සිඟිත්තා එදා ගල්කිස්ස හෝටලයේදී පි‍්‍රයන්ත කොළඹගේ මන්දාරා මුහුරත් උලෙළ මොහොතේ එතන දඟකරමින් සිටි සුරතලෙක්. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කරන චින්තක ජයකොඩිගේ සිඟිත්තා චුලක්ෂි දැක්ක ගමන් අතට පැන්නේ පුරුදුකාරයෙක් වගෙයි.

Add new comment