වර්ෂ 2019 ක්වූ December 16 වැනිදා Monday
උඹ හොඳට රඟපානවා දැන්

අජිත් ගලප්පත්ති සිනමා විචාරකයෙක්. චිත්රපටවල ගුණදොස් බොහොම තදින් විචාරය කරන කෙනෙක් හැටියට ඔහු බොහොම ප්රසිද්ධයි. අජිත්ගෙන් හොඳක් අහගන්න ටිකක් අමාරුයි. චිත්රපටවල නළු නිළියන්ට පවා කියන්න තියෙන දේවල් සෘජුවම කියනවා. ඊයේ පෙරේදා දවසක මොහුගෙන් කෙනෙකු හොඳක් අහ ගත්තා. ඒ තමයි රංගන ශිල්පී නිරෝෂන් ඉලේපෙරුම. රීගල් ශාලාවේ පැවති ප්රසිඩන්ට් සුපර් ස්ටාර් චිත්රපටයේ මංගල දර්ශනය දවසෙයි අජිත් නිරෝෂන් හමුව සිදු වුණේ. නිරෝෂනුත් චිත්රපටයේ රඟපානවා.
‘මචං අද උඹ චිත්රපටයක රඟපනවා දැක්කා. හොඳයි මචං’
අජිත් නිරෝෂන්ගේ පිටට තට්ටු කරලා එහෙම කිව්වා. නිරෝෂන් මීට ප්රථම චිත්රපටවල රඟපාලා තියෙනවානෙ. ටික වේලාවක් ගිහිල්ලයි ඔහුට අජිත් කියපු දේ පැහැදිලි වුණේ.