හොඳ දේ ජනප්‍රියයි

ඔක්තෝබර් 31, 2019

ඉඳලා හිටලා නාට්‍ය කරන කෙනෙක් තමයි සුනිල් කොස්තා කියන්නේ. රෝද හතරෙ මනමාලයා, පින්සර දොස්තර, සුදුයි උසයි වගේ නාට්‍ය ගත්තම ඒවාහි සුනිල් කොස්තා ලකුණ තියෙනවා. ඔහුගේ බොහෝ නාට්‍ය සම්මානයට පාත්‍ර වුණා. සුනිල් අන්තිමයට කළේ සුදු ඇඳගෙන කලු ඇවිදින් නාට්‍යය. එහි ඇති උසස් ලක්ෂණ නිසා නාට්‍යය සම්මාන උලෙළවලදීි සම්මානයට පාත්‍ර වේවි කියලා විචාරකයෝ මත පළ කළා. ඇත්තට පේ‍්‍රක්ෂකයොත් එහෙම හිතුවා. ඉකුත් දා පැවැත් වුණු සුමති සම්මාන උලෙළේදී සුදු ඇඳගෙන කළු ඇවිදින් නාට්‍යයට සම්මානයක් හිමි වුණා. ඒක සුනිල් කොස්තා හීනෙකින්වත් හිතපු නැති සම්මානයක්. ජනප්‍රියම නාට්‍යය ලෙසයි සුදු ඇඳගෙන කළු අවිදින් නාට්‍ය සම්මානනීය වුණේ.

‘ගුණාත්මක දෙයක් කරන්නට ගොස් ජනප්‍රිය වීම’ කියලා වාක්‍යයකුත් සටහන් කරලා තමයි සුනිල් කොස්තා ජනප්‍රිය සම්මානය ගන්න පින්තූරය මුහුණු පොතට ඇතුළත් කොට තිබුණේ.

Comments

සසිදු (තහවුරු වී නොමැත)
ඇත්තටම මෙතන පුදුමයට කරුන මෙම ටෙලිනාට්‍යයට ජනප්‍රිය සම්මානය පමනක් ලැබීම.. සම්මාන රැසකට සුදුසුකම් තිබුනත් මොකක්දෝ හේතුවකට එය නොලැබී ගියා..ගුනාත්මක දේට මේ රටේ තැනක් නොතිබීම තව දුරටත් සනාථ උනා. මං හිතන්නෙ ප්‍රේක්ෂකයන් තම වගකීම ඉෂ්ට කරා කියලා.එය තව දුරටත් කරළියේ සම්මානයට භාජනය විය යුතු අනගි නිර්මාණයක් .
බ්‍රහස්‌, 10/31/2019 - 12:51

පිටු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.