ඔබට මතක නෑ මටත් මතක නෑ

ඔක්තෝබර් 31, 2019

මුහුරත් උලෙළක ඉන්න අතරතුරදි සේමිණි ඉද්දමල්ගොඩගේ ජංගම දුරකතනය මිසිං වෙලා. ඒක කාට හරි දුන්නා කියලා වගේ මතකලු. මුහුරත් උලෙළවලදී ඒ නිර්මාණයේ ඉන්න නළු නිළියන්ව ෆොටෝ ගන්නවනෙ. මෙන්න මේ වගේ වෙලාවකදී ෆෝන් එක කාට හරි දුන්නා වගේ සේමිණිට මතකයිලු.

කාටද අප්පා මං ෆෝන් එක දුන්නෙ?

මතක් කළාට මතක් වෙන්නෙම නැතිලු. බැරිම තැන එක එක්කෙනාගෙන් අහන්න ගත්තලු මගේ ෆෝන් එක ඔයා ගාවද කියලා. දන්න කියන හැමෝම නැහැ කියනවලු. ඔය අතරතුරදි දක්ෂ රංගන ශිල්පී ප්‍රියංකර රත්නායක යෝජනාවක් ගෙනල්ල.

‘අපි ෆෝන් එකට රිංග් කරලා බලමු. කියන්න සේමිණී නම්බර් එක.

සේමිණී තමන්ගේ දුරකතනයේ අංකය කියද්දී ප්‍රියංකර ඔහුගේ දුරකතනයෙන් ඩයල් කළාලු. මෙන්න වැඩක් ප්‍රියංකරගේම සාක්කුවෙන් දුරකතනයක් නාදවෙන සද්දේ ඇහිලා. බැලින්නම් සේමිණි කලබලේට ෆෝන් එක දීලා තියෙන්නේ ප්‍රියංකරට. ඔහුටත් අමතක වෙලා අනුන්ගේ ෆෝන් එකක් ළඟ තියෙනවා කියලා.

Add new comment