සරසවිය සම්මානයේ නිර්මාතෘ මියයයි

නොවැම්බර් 1, 2019

සරසවිය සම්මානයේ නිර්මාතෘ ආචාර්ය තිස්ස රණසිංහ අද (1 වැනිදා) එංගලන්තයේදී අභාවප්‍රාප්ත විය. 1925 මැයි 09 වැනිදා දන්කොටුව යෝගියාන දී උපත ලැබූ තිස්ස රණසිංහයන් මිය යන විට 94 වැනි වියේ පසු විය.

ධනවත් උගත් පුවුලක සොලමන් රණසිංහ, සෝමා රණසිංහ දෙපලට දාව උපන් තිස්ස රණසිංහ එංගලන්ත ජාතින සැලී රණසිංහ සමඟ විවාහ විය. ඔවුන් දෙපලට මානිල් රණසිංහ නමින් දියණියක ද ඔෂාන්ත රණසිංහ නමින් පුතෙකු ද විය.

හිටපු අග්‍ර විනිශ්චයකාර පාලින්ද රණසිංහ සහ මහේෂ රණසිංහ ඔහුගේ සොහොයුරන්ය. අවසන් කටයුතු එංගලන්තයේ දී සිදු කිරීමට නියමිතය.

http://archives.sarasaviya.lk/2018/08/02/?fn=sa18080222

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.