දඩඉමට ඉන්දීය සම්මානයක්

නොවැම්බර් 7, 2019

වෛද්‍ය නෙඕමාල් පෙරේරා අධ්‍යක්ෂණය කළ දඩඉම සිනමාපටය ඉන්දියානු කල්කටා කල්ටි සිනමා උලෙළේදී අධ්‍යක්ෂවරයාගේ හොඳම පළමු සිනමාපටයට හිමි සම්මානය දිනාගත්තේය. සුප්‍රකට සිනමාපටයක් වූ දඩයම හි දෙවැනි කොටස ලෙසට දඩඉම නිර්මාණය වී තිබේ. ස්වර්ණා මල්ලවාරච්චි, ජැක්සන් ඇන්තනි, මහේන්ද්‍ර පෙරේරා, අකිල ධනුද්ධර, මරියන් වෙත්තසිංහ, දිල්මින් පෙරේරා, දයා තෙන්නකෝන්, චන්ද්‍රසෝම බිංදුහේවා, නයනා හෙට්ටිආරච්චි, චින්තක වාස්, අරුන් ඩයස් බණ්ඩාරනායක, රාජසිංහ ලෝලුවාගොඩ, නදීක ගුරුගේ ඇතුළු පිරිස මෙහි චරිත මවති. දඩඉම සිනමාපටයේ කතා සංකල්පය තිර රචනය සහ අධ්‍යක්ෂණය වෛද්‍ය නෙඕමාල් පෙරේරාගෙනි. ඔහුගේ බිරිය වූ වෛද්‍ය නිෂානි ප්‍රනාන්දු දඩඉම නිෂ්පාදනය කොට තිබේ.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.