වසර 80 කට පසු ඉන්දීය ප්‍රදර්ශකයෝ ලංකාවට

වෙතින් ශාලා 9 ක් 9 වැනිදා අරඹයි
නොවැම්බර් 7, 2019

මෙරට සිනමා ලෝලීන්ගේ රස වින්දනය ඉහළ මානයකට ගෙන යාම අරමුණු කර ගනිමින් අති නවීන තාක්ෂණික උපකරණයන්ගෙන් පරිපූර්ණ සිනමා ශාලා නවයක් මෙම මස 09 වැනිදා විවෘත වේ. ඒ කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදීය. සුප්‍රකට ඉන්දියානු සිනමා සමාගමක් වන පී. වී. අර්. මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කොට තිබේ. අප රටෙහි සිනමා කර්මාන්තය වෙනුවෙන් මෙලෙස ඉන්දියානු සමාගමක් එක් වනුයේ වසර අසූවකට පසුවය. මෙරට සිනමා ව්‍යාපාරය ගොඩනැඟූ ඉන්දියාවේ මදාන් සමාගම ලාංකික සිනමා කර්මාන්තයෙන් ඉවත් වූයේ 1939 වසරේදීය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.