ඕෂධී හේවාමද්දුම මූලිකත්වයෙන්

ප්‍රදීප් බුලත්සිංහල අධ්‍යක්ෂණයට
නොවැම්බර් 7, 2019

සනත් – දිල්හානි එක්කොට ‘සකී’ අද අරඹයි

 

ජනප්‍රිය රංගන ශිල්පිනී ඕෂධී හේවාමද්දුම නිෂ්පාදන සම්බන්ධිකරණයෙන් දායක වූ සිනමාපටයක මූලික වැඩ කටයුතු අද දින පැවැත්වෙන මුහුරත් උලෙළකින් අනතුරුව ආරම්භ වේ. සකී යනුවෙන් නම තැබූ එය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ඇගේ සැමියා වන ප්‍රදීප් බුලත්සිංහලයි. සනත් ගුණතිලක, දිල්හානි අශෝකමාලා, ගිරිරාජ් කෞශල්‍ය, මොරින් චාරුනී, කුසුම් රේණු, එෂ්නි ඩයස් (ළමා) සමඟ ඕෂධී හේවාමද්දුම මෙහි චරිත රංගනයේ යෙදෙති. කීර්ති රුවන් සහාය අධ්‍යක්ෂවරයාය. නාරද තොටගමුවගේ අංග රචනයකි. නඳුන් රත්නායක සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වෙන මෙහි ගායනා අමරසිරි පීරිස්ගෙනි. සකී, රුවන් කේ. ලියන පතිරණගේ නිෂ්පාදනයකි.

මේ දිනවල සකී නමින් තැනුණු වෙනත් චිත්‍රපටයක් සිනමා ශාලාවල තිරගත වේ.

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.