පරම්පරාගත තෙවැනි ඇස

නොවැම්බර් 7, 2019

දයාන් විතාරණ ගායනයේ යෙදුණත් ඔහු ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නේ ඡායාරූප ශිල්පියකු හැටියට. 1985 ආරම්භ කළ ඒ ගමන අදටත් ඔහු නිමා කරලා නැහැ. දයාන් මෙරට අති විශාල සංඛ්‍යාවක් කලාකරුවන්ගේ ඡායාරූප ගෙන තිබෙනවා. ගායන ලොවේ ගී රැජන ලතා වල්පොලගේ ඡායාරූප රැසක් දයාන් ගෙන තිබෙන්නේ ඇගේ හැඩරුව තවත් තීව්‍ර වන විදිහටයි. ලතාට දයාන් ආදරේට අමතන්නේ ලතා අම්මා කියලා. ඔන්න දවසක් උදේ ලතා අම්මා දයාන්ට කතා කරලා. ඇගේ මුණුපුරකු වූ මයුර බණ්ඩාරගේ විවාහ මංගල උත්සවයේ ඡායාරූප ගෙන දුන්නට තුති පුදන්නට. ලතා මෙහෙම කතාකරලා තියෙන්නේ ඇගේ නිහතමානීකමට. දයාන්ට පුදුමත් හිතුණලු. එලෙස ලතාගේ පුතණුවන්ලාගේ සහ විවාහ වුණු මුණුපුරන් සියල්ලගේ ඡායාරූප ගෙන තියෙන්නේ දයාන්. ලතාගේ දියණි ධම්මිකා බණ්ඩාරගේ වැඩිමහල් පුතණුවන් ගීතාන් බණ්ඩාරගේ විවාහයෙන් තමයි දයාන් ඒ කර්තව්‍ය ආරම්භ කරලා තියෙන්නේ. අවසන් කොට ඡායාරූප ගෙන තියෙන්නේ ධම්මිකාගේ බාල පුතු මයුරගේ විවාහ මංගල්‍යයේ. එහෙම බලන කොට දයාන් පාරම්පරික ඡායාරූප ශිල්පියෙක්.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.