උඹ නාඩන් උඹ නාඩන්

නොවැම්බර් 7, 2019

උදයකාන්ත වර්ණසූරියගේ ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර් චිත්‍රපට මේ දිනවල තිරගත වෙනවා. එහි නළු නිළියන් අති විශාල සංඛ්‍යාවක් රඟපානවා. ඇතැම් කුඩා දර්ශනයකට පවා ජනප්‍රිය නළු නිළියෝ තමයි ඉන්නේ. සිනමාපටය සංස්කරණය කරන්නට ප්‍රථම විශේෂ දර්ශනයක් පැවැත් වූවා. එහිදී බොහෝ දෙනෙක් අදහස් දක්වා කියා සිටියේ තව ටිකක් ධාවන කාලය අඩු කළා නම් හොඳයි කියලා. මේ කතාව අහලා සමහර නළු නිළියෝ ටිකක් කලබල වෙලා. මොකද සිනමාපටයේ කොහෙන් අඩු වේවිද දන්නේ නැහැනේ. එහි තමන් ඉන්න දර්ශනය කැපෙයි කියලා තමයි ඔවුන් වැඩි දෙනෙකු මෙහෙම බයවෙලා තියෙන්නේ. අපට මතක් වෙන්නේ ජිප්සීස් සින්දුව. එඩිටර් මල්ලිගේ කතුරට.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.