දියවැඩියාවද? දැනුම්වත් වන්න

නොවැම්බර් 7, 2019

‘ආරෝග්‍යා’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ දීප්ති ෆොන්සේකා අලුත් වැඩකට අතගහලා. ‘දියවැඩියාවෙන් තොර ශ්‍රී ලංකාවක්’ යන මැයෙන් ඇය ග්‍රන්ථයක් සංස්කරණය කර තිබෙනවා. දියවැඩියාව පිළිබඳ විශේෂඥ වෛදවරුන් 30 දෙනෙකුගෙන් ලබාගත් දත්ත ආශ්‍රිතව මේ පොත සැකසී තිබෙන්නේ. දියවැඩියාවෙන් ආරක්ෂාවීම සහ ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පමණක් නොවෙයි දියවැඩියාව නිසා ඇතිවන හෘදයාබාධ, පාද ඉවත් කිරීම් ස්නායු ආබාධ ලිංගික දුබලතා වලින් ආරක්ෂා වන අන්දමත් මේ ග්‍රන්ථයට ඇතුළත්. ශ්‍රී ලංකා අන්තරාසර්ග විද්‍යාවේදීන්ගේ විද්‍යාතනය සහ ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනයේ ප්‍රකාශනයක් ලෙසයි මෙය නිකුත් කරන්නේ. දියවැඩියා රෝගීන්ට පමණක් නොවෙයි සාමාන්‍ය ජනතාවටත් පාසල් සිසුන්ටත් කියවිය යුතු ග්‍රන්ථයක් ලෙස මෙය වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර තිබෙනවා. 

නිශ්ශංක විජේරත්න

Add new comment