ඇවිදින්න කැමති මනීෂා කොයිරාල...

නොවැම්බර් 14, 2019

මනීෂා කොයිරාල, Prassthanam චිත්‍රපටය හරහායි සිනමා රසිකයන්ට අන්තිම වරට දැකගැනීමට හැකිවූයේ. පසුගියදා ඉන්ස්ට්‍රග්‍රෑම් පණිවිඩයක් හරහා ඇය අපූර්ව යමක් කියා තිබුණා. ඒ චිත්‍රපටි ගැනනම් නොවේ. “ සංචාරය කරන එක හැම වෙලාවකම මගේ ආත්මය තෘප්තිමත් කරනවා” යනුවෙන් ඇය කියා සිටියා. ඒ තුළින් සිය රසිකයන් හමුව දුක සැප බෙදා ගන්නටත් හැකි බවයි ඇය පවසන්නෙ. මේ තුළින් දුෂ්කරතා වූවත් සතුටින් විද දරා ගැනීමට හැකි බවයි ඇගේ මතය. මිනිසුන් හමුවීම තුළින් අපේ ශක්තීන් හා දුර්වලතා හදුනා ගන්නටත් තමන් කවුරුන්ද යන වග වටහා ගැනීමට මෙය මහගු අස්වැසිල්ක් බවයි ඇය වැඩිදුරටත් සදහන් කර තිබුණේ. සැප පහසුකම් නැති වුනත්සොබාදහමේ රසය විදින එක ඇයටනම් මහත් රසයක් වගේම විනෝදයක් ගෙන දෙන බවයි ඇය කියන්නේ. කදු නගින්න මනීෂා වඩාත් ප්‍රිය කරන බවයි අපිට දැනගන්නට ලැබුනෙ.

ඉනුෂි මධුෂිකා නවරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.