වර්ෂ 2021 ක්වූ March 09 වැනිදා Tuesday
සුචිත අලුත් මඟක
නොවැම්බර් 14, 2019

සුචිත හර්ෂක සෝමරත්න රංගන ශිල්පියෙකු ලෙසත් ගායකයකු ලෙසත් නිවේදකයකු ලෙසත් කලා ක්ෂේත්රයේ කටයුතු කරනු ලබයි. එමෙන්ම ඔහු ධනාත්මක චින්තනය අවදි කරන දේශකයකු ද වශයෙන් කටයුතු කරයි. වේදිකාව, පුංචි තිරය මෙන්ම සිනමාවේ නිර්මාණ රැසක සුචිත චරිත මවා තිබේ. සහෘදයාණෙනි, තිත, ධන බලය ද මිනිස්කම ද, පිස්සු හැදෙන සඳ ආදී වේදිකා නාට්‍ය රංගනයෙන් ඔහු දායක විය. සැඩ සුළඟ, සමාවෙන්න සර්, සෙනෙහසේ ගීතය, රාවණ, කෝපි කඩේ, සිල්ලර සමනල්ලු, යං, ආගන්තුකයා සුචිත රඟපෑ ටෙලි නාට්‍ය කිහිපයකි. රන්කෙවිට, ඇඩ්ඩ්‍රස් නෑ, උදුම්බරා, සුනාමි ආදී සිනමාපටයන්හි රංගන දායකත්වය සැපයූ සුචිත කලා ලොවේ දිගු ගමනක් යාමට අපේක්ෂා කරයි.
ප්‍රසාද්
නිශ්ශංක