සෘෂිවරයකුගේ කතාවක් හැදූ සරත් ගුණරත්න

නොවැම්බර් 14, 2019

සරත් ගුණරත්න විදෙස්ගතව සිටින අයෙකි. ඔහු වරින්වර ලංකාවට පැමිණෙයි. ඇමරිකාවේ සැපවත් දිවි පෙවතක් ගත කළ ද සරත් කලාව අමතක නොකරයි. ඔහු මෙරටට එන්නේ ද කලාවේ නියැළීමේ අරමුණෙනි. සම්මානනීය අධ්‍යක්ෂ දයාරත්න රටගෙදර සරත්ගේ අති ජාත මිත්‍රයෙකි. කලා ලොවේ නිර්මාණ සොයා යාමට සරත්ට රටගෙදර බෙහෙවින් උපකාර කොට තිබේ. මේ සරත් තම කලා ජීවිතය ගැන කතා කළ අයුරුයි.

මට ‘රටේ මල්ලිව මුණ ගැහෙන්නේ අනූ හය වසරේදී විතර. එතැන් පටන් විවිධ නිර්මාණවලට ඔහු මා සම්බන්ධ කරගත්තා. ඔහුගේ සිත නිවන කතා නාට්‍ය මාලාවේ බොහෝ කොටස්වල මං රඟපෑවා. මං සරත් දසනායක සර්ගේ ගෝලයෙන්. ඔහු යටතේ කාලයක් මං සංගීතය හැදෑරුවා. රෝස කැලෑවේ නමින් මං සී ඩී එකකුක් කළා. බුදු සරණයි දම් සරණයි කියලා ඒකේ තියෙනවා සිංදුවක්. රටගෙදර මට විෂුවල් එකක් කරලා දුන්නා ඒ සිංදුවට. පෝය දවස්වල ගීතය ප්‍රචාරය වෙනවා. මං ගායන කළ යුග ගීත අතරින් දෙකක් ජනතාව අතරට ගියා. කඳු මුදුනට යමු ඉන් එක ගීතයක්. ආචාර්ය අජන්තා රණසිංහ මහත්තයා තමයි ඒක ලියලා දුන්නේ. මහින්ද බණ්ඩාර මියුසික් කළා. ශෂිකා නිසංසලා මට ගායනයෙන් සහාය වුණා. විශාරද නන්දා මාලිනී සමඟයි අනෙක් සිංදුව කිව්වේ. සොයුරියකි මා ඔබේ යනුවෙන් නම් කරපු එය මට ලියලා දුන්නේ සමන් චන්ද්‍රනාත් වීරසිංහ. සංගීතය රංග දසනායකගේ. මගේ අලුත්ම නිර්මාණ කාර්යය තමයි සෘෂිවරයකුගේ කතාවක්. ඒක කෙටි චිත්‍රපටයක්. මං තමයි ඒක අධ්‍යක්ෂණය කළේ. මං එහි චරිතයකුත් රඟපෑවා.

ප්‍රසාද් 
නිශ්ශංක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.